සිංහයන්ගේ පුහුණු තරඟය අද

ඔක් 03, 2023

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ගුවහාටිහි දී පැවැත්වෙනවා.



    මීට අමතරව ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයත් ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර තරගයත් අද පැවැත්වෙනවා.

    බංග්ලාදේශයට එරෙහිව ඊයේ (02) පැවති තරගවල දී එංගලන්තය කඩුලු 04ක ජයක් අත්කර ගත්තා.

    දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 07කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

    Latest News