විජේවීර “ගින්නෙන් උපන් සීතල“ කරළියට (ඡායාරූප)

දෙසැ 29, 2018
  • “ගින්නෙන් උපන් සීතල“ චිත්‍රපටය එළිදකී.

    ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඊයේ සවස එය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබීය. “ගින්නෙන් උපන් සීතල“ චිත්‍රපටයට පාදක වී ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ චරිතාපදානයයි.

    කමල් අද්දරආරච්චි, ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා ඇතුළු නළු නිළියෝ රැසක් මීට රංගනයෙන් දායක වී සිටිති. චමත්කා පීරිස් විසින් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටය, අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්‍ෂණයකි.

    අනුරුද්ධ ජයසිංහ - “මේ ව්‍යාපාරය දෙපැත්තකට දකිනවා,ජයග්‍රාහකයින්ගේ පැත්තෙන් ගත්තොත්, ඔවුන් දකින්නේ ද්‍රෝහින් හැටියට. නමුත් විප්ලවවාදීන්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුන්ගේ තිබුණේ උතුම් අරමුණක්.

    නමුත්, හැම විටම ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින්. එසේත් නැත්නම් ඔවුන්ගේ පොතෙන් තමයි ලෝකය දකින්නේ. නමුත් ගොඩක් ලියවිලා තියෙන්නේ පරාජිතයා ගැන වැරදි අදහසක් බවයි ඔහු අවධාරණය කර සිටියේ“ යැයි අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය.

    newfilm3 px 900 18 12 29

    newfilm2 px 900 18 12 29

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 20:21

    Latest News