ජාත්‍යන්තරය වැළඳගත් The Newspaper

දෙසැ 04, 2023

    ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් වැඩිම පිරිසක් නැරඹූ සිංහල චිත්‍රපටය The Newspaper

    මෙරට තානාපති ප්‍රජාව ඉකුත් සිකුරාදා (01) රාත්‍රියේ 2020 වසරේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූ The Newspaper චිත්‍රපටය වන් ගෝල්ෆේස්හි PVR සිනමා ශාලාවේදී නැරඹීමට එක්ව සිටියේ එහි සම නිෂ්පාදක මහාමාර්ග ප්‍රවාහන හා ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙනි .

    ඉන්දියාවේ බැංගලෝර් 13වැනි සිනමා උළෙලේදී ආසියාවේ හොඳම දෙවන චිත්‍රපටය ලෙසට සම්මානයෙන් හා මූල්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබූයේද The Newspaper චිත්‍රපටයයි.

    2020 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ජනාධිපති සම්මානය ඇතුළුව හොඳම නළුවා, හොඳම සංගීතය ඇතුළු සමාන රැසකින් පිදුම් ලද ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මෙරට විදේශීය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්විණි.

    චිත්‍රපටයේ නිෂ්පාදක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ ආරාධනාව පරිදි මෙරට රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතු තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් මේ විශේෂ සිනමා දර්ශනයට එක්ව සිටියහ. අතිශය කාලෝචිත තේමාවක් අනුව නිර්මාණය වුණු ‘ද නිවුස් පේපර්’ සිනමා නිර්මාණය ඉතා කැපී පෙනෙන චිත්‍රපටයක් බව මෙහිදී චිත්‍රපටය නැරඹීමට එක් වූ බොහෝ දෙනාගේ අදහස විය.

    2023 ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී 2020 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත්, සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට සම්මාන උලෙළේ සුවිශේෂම සම්මානයක් වූ ‘විශ්ව කීර්ති සම්මානය’ද හිමි විය.

    චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ කටයුතු කළ අතර, ඉංග්‍රීසි උපසිරැසි සමඟ තිරගත වූ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය මීට පෙරද දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියනු ලැබීය

    Latest News