කමල් හසන්, මනිරත්නම් එකට හමුවන Thug Life

ඔක් 07, 2024

    අධිවේගී ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන මනිරත්නම් අධ්‍යක්ෂණය කරන තග් ලයිෆ් හි රූපගත කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා.

    දමිළ සිනමාවේ ප්‍රභලයන් වන මනිරත්නම් සහ කමල් හසන් වසර 37 කට පසු එකට හමු වන මෙම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේක්ෂකයින් පුල පුලා බලා සිටි අතර මෙහි විශේෂත්වය වන්නේ හසන් සහ මනිරත්නම් දෙදෙනාම ඔවුනට අයත් රාජ් කමල් සහ මැඩ්‍රාස් ටෝකීස් සමාගම් හරහා චිත්‍රපටයේ නිශ්පාදනයට දායක වීමයි.

    දාමරික කල්ලි පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කමල් හසන් රඟපානවා.

    2025 වසරේ මුල භාගයේදී ප්‍රදර්ශනය වනු ඇතැයි අපේක්ෂා කරන මෙම චිත්‍රපටයේ ඩිජිටල් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 කට ආසන්න මුදලක් නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් ගෙවා තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 540 කට ආසන්නයි.

    දමිළ චිත්‍රපටයක ප්‍රදර්ශන හිමිකම වෙනුවෙන් නෙට්ෆ්ලික්ස් ගෙවූ වැඩිම මුදල මෙය වන අතර මීට ප්‍රථම විජේ රඟපෑ The Greatest of All Time චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 125ක් නෙට්ෆ්ලික්ස් විසින් ගෙවා තිබුණා.

    Latest News