රූපවාහිනියෙන් දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමක් (විඩියෝ)

දෙසැ 29, 2018
  • ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන්ට වසර අවසාන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම තිළිණ කිරීමට ජාතික රූපවාහිනිය සූදානම්.

    ඒ, දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 31 රාත්‍රී ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සමගින්. ගාලු මුවදොර පිටියේ මේ ඉදිවෙමින් පවතින්නේ එම දැවැන්ත වේදිකාවයි.

    ජාතික රූපවාහිනිය මෙය සංවිධාන කරන්නේ 31 වැනිදා කොළඹ පැවැත්වෙන එකම සහ දැවැන්තම සංගීත ප්‍රසංගය ලෙසයි. රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ සංගීතයට ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් ගීත ගායනා කිරීමට නියමිතයි.

    මෙම වින්දනාත්මක අත්දැකීම විඳ ගැනීමට 31 රාත්‍රී ගාලු මුවදොරට පැමිණෙන ලෙස සියලු දෙනාට ඇරයුම් කෙරෙනවා. ප්‍රසංගය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 11:18

    Latest News