උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100-150 පමණ ඉතා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පුද්ගලයින් 51,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘතව පවතියි.
දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3314කට අයත් පුද්ගලයන් 26492ක් විපතට පත්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් ආරක්ෂිත ස්ථාන 90ක රඳවා සිටියි.
පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. විශේෂයෙන්ම තද වැසි සහ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මුළු පවුල් සංඛ්‍යාව 2530ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 9016කි.
අයහපත් කාලගුණයත් සමඟ වාකරේ - පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනූව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යවා තිබේ.
දිවයින පුරා උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද (17) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.