අම්ෆන් 84කට මරු කැඳවයි

මැයි 22, 2020

    අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාව හා බංගලාදේශය ආශ්‍රිත ප්‍රදේශවල 84 දෙනෙකු මියගොස් තිබේ.

    සුළි කුණාටුව ඉදිරියේ දී උතුරු දෙසින් භූතානය ආශ්‍රිත ප්‍රදේශ හරහා ගමන් කරනු ඇති බවයි, අපේක්ෂා කරන්නේ. අම්ෆන් සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කර තිබිණ.

    එහි බොහෝ මාර්ග ජලයෙන් යටවූ අතර, ගස් කඩා වැටීම නිසා අලාභ හානි රැසක් සිදුව තිබේ. මිලියන 14කට ආසන්න පිරිසකට විදුලිය හා දුරකථන පහසුකම් ඇණහිට ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. ගංගා ජලය පිටාර ගැනීම හා සුළි සුළං තත්වය හේතුවෙන් විනාශයටපත් නිවාස හා ගොඩනැගිලි ආශ්‍රිත අලාභහානිය මෙතෙක් තක්සේරුකර නොමැත. සහන කණ්ඩායම් අවතැන් පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි.

     

    Last modified on සිකුරාදා, 22 මැයි 2020 12:00

    Latest News