අම්ෆන් කුණාටුව 15කට මරු කැඳවයි

මැයි 21, 2020

    අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ සහ බංගලාදේශයේ 15 දෙනෙක් මියගොස් තිබේ.

    දේපළ රැසකට හානි සිදුවිය. 1999න් පසු, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති වූ පළමු දරුණුතම මට්ටමේ සුළි කුණාටුව මෙයයි. ඉන්දියාවට ඇතුළු වන විට එහි ප්‍රබලත්වය අඩු වූ බවයි, එරට කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ. අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් බංගලාදේශයේ හා ඉන්දියාවේ නගර කිහිපයක ගස් කඩාවැටී තිබේ. කුණාටුව හටගැනීමට පෙර, මිලියන 3කට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනිණ.

    වැඩි වශයෙන් ආරක්ෂක ස්ථාන කරා යොමු කළේ බංගලාදේශයයි. කෙසේ වෙතත්,කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන්, ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම අසීරු වී තිබේ. පැයට කිලෝමීටර 185ක වේගයකින් හමා යන අම්ෆන් සුළි කුණාටුව, අද බංගලාදේශය හරහා ගමන් කර, භූතානයට ඇතුළු වන බවටයි, ඉන්දීය කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 11:21

    Latest News