නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

මැයි 22, 2020

    නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් ඒ අනූව නායයෑම් අනතුරු ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි. ඒ අනූව නායයෑමේ, ගල් පෙරළීමේ, බෑවුම් කඩා වැටීමේ, පස් කණ්ඩි වැටීමේ හා පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ ජනතාවට විමසිලිමත් විය යුතුයි.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. අම්පන් සුළිකුණාටුවේ බලපෑම මේවන විට දිවයිනෙන් බැහැරට ගමන් කළත්, අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි අතර ඌව පළාතේද ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News