ශ්‍රී ලංකාවට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ පහසුකම් ලබා ගැනීම සඳහා සහය දුන් අන්තර් ජාතික සහ සෙසු හවුල්කරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර, මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණ ති‍බෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ඉදිරියේ දී ලබා දෙන බවයි.

අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ණය පහසුකම් පිළිබඳ මූලික ගිවිසුමට අද එළඹුණා. මේ අනුව, හදිසි ණය මුදල ලබා ගැනීමේ මූලික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පසුබිම සකස් වී තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Latest News