තව දවස් කීයක් වහිනවද?

ඔක් 17, 2023
    අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

     එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    දිවයිනේ බොහෝ ප්රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
     
    ඌව, සබරගමුව සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි.
     
    බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්රික්කයේත් වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News