දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (27) නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මහඔය ද්‍රෝනියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.