මිරිස්ස අදායම දින 12ට කෝටි 3ක්

පෙබ 14, 2019

    මිරිස්ස තල්මසුන් නැරඹීමේ කර්මාන්තයෙන් පසුගිය දින 12ක කාලය තුළ රුපියල් කෝටි 3කට අධික මුදලක් අදායම් ලෙස රජයට ලැබී තිබේ.

    සංචාරකයින් රැගත් බෝට්ටුවක් මිරිස්ස ධීවර වරායෙන් පිටත්ව යාමේ දී වනජීවී අමාත්‍යාංශයට ඩොලර් 11ක් හා ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවට ඩොලර් 5ක් ගෙවිය යුතු වෙයි. පසුගිය පළමු වැනි දා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත ආරම්භ කෙරුණු අතර, මේ නිසා රජයට ඉහළ ආදායමක් ලබාගැනීමට හැකිවිය. ලොව විශාලතම ක්ෂීරපායි සත්ව විශේෂත්වයක් වන තල්මසුන්, කෙටිම වේලාවක් තුළ නැරඹිය හැකි ලොව එකව ස්ථානය ලෙසයි, මිරිස්ස හැඳින්වෙන්නේ.

    අන්තර්ජාතික නැව් මාර්ග මේ ආසන්නයේ පිහිටා තිබීම හා බෝට්ටු හිමිකරුවන් තල්මසුන් අසළටම යෑම හේතු නිසා, තල්මසුන් මෙම ප්‍රදේශයෙන් ඉවත්වීමේ අවදානමක් ද මතුව තිබේ.

    ජර්මනිය,චීනය,රුසියාව,ඉන්දියාව වැනි රටවල සංචාරකයින් බහුලව සංචාරකයින් නැරඹීම සඳහා මිරිස්සට පැමිණෙන බවයි, වාර්තා වන්නේ. තල්මසුනට අමතරව ඩොල්ෆින් මසුන් ද නැරඹීමට හැකි වැදගත් මුහුදු කලාපයක් ලෙසයි, මෙය සැලකෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 10:01

    Latest News