2018 අයවැයෙන්; අළුත්වූ මිරිස්ස 

ජන 28, 2019

    යාවත්කාලීන කෙරුණු මිරිස්ස, හික්කඩුව සහ බෙන්තොට ජීවිත ආරක්ෂක කුටි සහ ජෙට් ස්කීස්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාරදීම අද සවස සිදු කෙරේ.

    ඒ 2018 අය වැය යෝජනාවක් අනූවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මුල්‍ය දායකත්වයෙන් දිවයිනපුරා වෙරළ තීරයේ ජීවිත ආරක්ෂක කුටි 25ක් ඉදි කෙරේ. ඒ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා සංචාරක සංවර්ධන අදිකාරිය එක්වයි.

    මෙහි ප්‍රථම අදියරේ දී මිරිස්ස, හික්කඩුව සහ බෙන්තොට වෙරළ තීරයේ ජීවිත ආරක්ෂක කුටි යාවත්කාලීන කෙරිණ. ඊට අවශ්‍ය උපකරණ හා ජෙට් ස්කීස් ලබාදී ඒවා අංග සම්පූර්ණ කුටිබවට පත්කර තිබේ. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටියක්.

    ජීවිතාරක්සක ඒකක වලින් දෙස් විදෙස් සංචාරකයින්ට ඉමහත් සේවයක් සැලසේ. ඔවුන්ට මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ජල ක්‍රීඩා හා අනෙකුත් ක්‍රියාකාරම්වල යෙදීමට අවශ්‍ය පහසුකම් සැලසීම අරමුණයි. වසරකට දියේ ගිලීමට ගොස්, වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගන්නා පිරිස 250ක් පමණ.

     

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 09:07

    Latest News