කලපු අවට සංචාරක ව්‍යාපාරයත් පුළුල් වෙයි

පෙබ 06, 2019

    කලපු ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය සඳහා මහනගර සංවර්ධනය හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදීයි. ධීවර අමාත්‍යාංශය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව කලපු ආශ්‍රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම මේ යටතේ සිදු කෙරේ.

    ධීවරයා මෙන්ම ධීවර කර්මාන්තයත්, කලපුව මෙන්ම පරිසර පද්ධතියත් රැක ගනිමින්, ධීවර ජනතාවගේ ආර්ථික, සමාජීය සංවර්ධනය වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි. ව්‍යාපෘතියේ ඉදිරි වැඩපිළිවෙල සඳහා කමිටුවක් පත් කිරීමට ද මෙහි දී තීරණය කෙරිණ. මෙම සංචාරක ව්‍යාපෘතිය පිළිබඳව ධීවර ප්‍රජාව මෙන්ම, ධීවර සංගම් හා එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමට ද මෙහි දී තීරණය කළේය.

     

    Latest News