කොටස් වෙළඳ පොළෙහි සැළකියයුතු පහළ බැසීමක්

ජන 08, 2020

    කොළඹ කොටස් වෙළඳ පොළෙහි සියලු කොටස් මිල දර්ශකවල සැළකිය යුතු පහළ බැසීමක් අද දිනයේ වාර්තා වී තිබේ.

    එහි දෛනික වාර්තාවට අනුව සමස්ථ කොටස් මිල දර්ශකය [All Share Price Index (ASPI)] ඒකක 127.25කින් එනම් 2.11%කින් පහළ ගොස් ඇත. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය [S&P SL20] ඒකක 75.54 කින් එනම් 2.64%කින් පහළ ගොස් ඇතැයි කොළඹ කොටස් වෙළඳ පොළෙ පවසයි.

    මේ අන්දිමේ පහළ බැසීමක් පාස්කු ප්‍රහාරයෙන් පසුව වාර්තා වූ බව කොළඹ කොටස් වෙළඳපොල අද නිවේදනය කළේය. ඒහි දි සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 204කින් පහළ ගියේය.

    මැද පෙරදිග කලාපයේ වර්ධනය වන අර්බුදකාරී වාතාවරණය  මෙම තත්වයට හේතුව බව ආර්ථික විශේඥයින්ගේ මත පල කරමින් අනුමාන කරති.

    ඉරාන හමුදා නායකයා ඝාතනය වීමත් සමඟ තෙල් මිල ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පසුගිය දා සඳහන් කළේය. මේ අතර අමෙරිකානු කොටස් වෙළඳ පොලෙහිද පහළ බැසීමක් වාර්තා වේ. ලොව අනෙකුත් කොටස් වෙළඳ පොලවල ද සැළකිය යුතු පහළ බැසීමක් ඊට සමගාමීව වාර්තා වේ.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 18:24

    Latest News