ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසනීයත්වය ඉහළට: LMD සඟරාවේ සමික්ෂණ තාහුරුවක්

ජන 08, 2020

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයන්හි නිරතවීමේ විශ්වාසනීයත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝකප්ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව ද අනාවරණ කරයි.

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසනීයත්වය ස්ථාන 75කින් ඉහළ ගොස් 186ක අගයක් පෙන්නුම් කරන බව එම සඟරාවේ දෙසැම්බර් සමීක්ෂණය ‍තාහුරු කර තිබේ. 2015 සැප්තැම්බර් වලින් පසුව ගත් වැඩිම අගය එය බව සඟරාව පෙන්වා දේ.

    නව ජනාධිපතිවරයකු බලයට පැමිණීම සහ එම රජය විසින් මෙතෙක් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙම තත්ත්වය හේතු තිබේ.  වැට් බද්ද 15% සිට 8% දක්වා පහත හෙලීම, රජයේ අත්‍යාවශ්‍ය නොවන වියදම් කප්පාදුව සහ පෙනෙන්ට අනෙකුත් ඇති වෙනස්කම් මගින් ව්‍යපාරික ප්‍රජාවේ සහ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

    නව රජය බලයට පත් වීමත් සමග ව්‍යාපාරික පරිසරය ඉදිරියේ දී තවදුරටත් යහපත් වනු ඇතැයි එම සමීක්ෂණයට එක් වූ කණ්ඩායම් පෙන්වා දී ඇත.  

    shehan px 900 20 01 08

    රජයේ ආර්ථික වැඩපිළිවෙළින් ශ්‍රී ලංකාව තුළ ව්‍යපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙමින් ඇති බව සංවර්ධන බැංකු හා ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය ඊට හේතුව වී ඇතැයි ඔහු කියා සිටි. කෘෂිකර්මාන්තය සහ ව්‍යාපාරික ප්‍රජාව මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අපේක්ෂාවට මෙමගින් ලඟා විය හැකි බවයි ඔහු පවසන්නේ.

    බදු ඉහළ දමමින් රජයට මුදල් රැස් කිරිම වෙනුවට බදු සහන පිරිනමමින්, ජනතාවට ව්‍යාපාර ආරම්භයට අවස්ථාව උදාකරදිම රජයේ අපේක්ෂාව බව ඔහු කියා සිටි. ශ්‍රී ලංකාව කෙමෙන් ඉන් මිදෙමින් පවතින බවට මෙය කදිම නිදසුනක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:18

    Latest News