අමෙරිකානු පාර්ලිමේන්තුවේ පළමු කථානායිකාව වූ නැන්සි පෙලෝසි, ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ට්විටර් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි සිය කාර්යාල වසා දමා තිබෙනවා.

Jakarta-Bandung අධිවේගී දුම්රිය සේවාවේ ප්‍රථම අත්හදා බැලීම සාර්ථක වෙයි.  

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 දී පැවැත්වීමට නියමිත අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබෙනවා.

‍"ඇමෙසොන්" සමාගම සිය සේවකයින් අඩු කි‍රීමට තීරණය කර තිබෙනවා. සමස්ත සේවක පිරිසෙන් සියයට තුනක් පමණ එනම්, දස දහසක පමණ පිරිසක් ඉවත් කිරීමටයි, සමාගම සැලසුම් කර ඇත්තේ.

චීනයේ "ගුවැන්ෂූ" නගරයේ ජනතා විරෝධතා උග්‍ර වී තිබෙනවා. ඔවුන් පොලීසිය සමග ගැටුම් ඇති කර ගෙන ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

හයිටි රාජ්‍යයේ පැතිරෙමින් ඇති දරුණු කොළරා රෝගය හේතුවෙන් කැරීබියානු දූපත් සමූහයට අයත් රාජ්‍යන් වඩාත් අවදානමකට ලක්ව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොළරා වසංගතය මැඩලීමට එරට  බධාරීන් ජාත්‍යන්තර සහය ඉල්ලා සිටිනවා.

යුක්‍රේන - රුසියානු අර්බුදය තුන් වන ලෝක සංග්‍රාමයක් බවට පත් විය හැකි බවට බියක්, යුරෝපාකරයේ  පැතිර යමින් පවතිනවා.

ලෝක ආහාර සුරක්ෂිතතාව, ජී - 20 සමු‍ළුවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. ‍ඊයේ එහි ප්‍රධාන මාතෘකාව බවට පත් ව තිබුණේ, අමෙරිකාව සහ චීනය අතර පැවති සාකච්ඡාවයි. සමුළුව ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙනවා.

ඉන්දුනීසියාවේ බාලි හි G20 නායකයින්ගේ සමුළුවට සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පින් හා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්වුනා.

ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි යුක්රේන හමුදා විසින් Kherson නගරය මුදා ගැනීමෙන් දින කිහිපයකට පසුව එහි සංචාරය කලා.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මිය ගොස් ඇත. 

කොවිඩ් ධනාත්මක මගීන් සිය ගණනක් සහිත නෞකාවක් ආසාදන රැල්ලකට ගොදුරු වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නැංගුරම්ලා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති ගුවන් සංදර්ශනයක දී පැරණි ලෝක යුද්ධයේ යුග දෙකක ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී කඩා වැටී තිබේ.

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසි දක්වා ඇත.

යුක්‍රේනයේ "කර්සෝන් නගරයෙන් රුසියානු හමුදා මුළුමනින්ම ඉවත්වීමත් සමග යුක්‍රේන හමුදා එහි බලය තහවුරු‍ කර ගෙන ඇති බව යුක්‍රේන බලධාරින් පවසනවා.

චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ කොටසක් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

ස්පාඤ්ඤයේ ඉපැරණි ගම්මානයක් අලෙවි කිරීමට සූදානම් වීමේ පුවතක් එරට සැමෝරා පළාතෙන් වාර්තා වනවා. එය නිවාස 44 කින් යුත්තයි.

බ්‍රිතාන්‍ය හෙද සේවය පළමුවරට වැඩ වර්ජනයකට යොමු වී තිබෙනවා. ඒ, ජීවන වියදම ඉහළ යාමත් සමගම සිය වැටුප් ඉහළ නොයාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.

නිකොල් සුළි කුණාටුව අමෙරිකාවේ ‍ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

Latest News