“නිකොල්“ සුළි කුණාටුවෙන් ‍ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑම්...

නොවැ 10, 2022

    නිකොල් සුළි කුණාටුව අමෙරිකාවේ ‍ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

    වෙරළාශ්‍රිත ප්‍රදේශවලට බරපතල හානි සිදුව ඇති බවයි, වාර් තා වන්නේ. වසර 40 කට පමණ පසු නොවැම්බර් මාසයේදී අමෙරිකාවේ සුළි කුණාටු තත්වයක් හට ගන්නා දුර් ලභ අවස්ථාවක් ලෙස ද මෙය සැලකෙනවා. මේ වන විට සුළි කුණාටුව ග්රෑන්ඩ් බහමා දූපතට ඇතුළු වී තිබෙනවා. ‍ෆ්ලොරීඩා ප්‍රාන්තයට සුළි කුණාටුවෙන් දැවැන්ත බලපෑමක් සිදු වනු ඇති බවටයි, කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ. බහමා දූපතට ද නිකොල් සුළි කුණාටුව ඇතුළු වූයේ, පළමු කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙසයි.

    මේ නිසා ප්‍රාන්තයේ පොදු ස්ථාන සහ පාසල් වසා තැබීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ගුවන් ගමන් රැසක් ද අත්හිටුවීමටයි, සිදුව ඇත්තේ. මීට පෙර ෆ්ලොරීඩා ප්‍රාන්තයට නොවැම්බර් මාසයේ සුළි කුණාටුවලින් බලපෑම් එල්ල වී ඇත්තේ, 1935 සහ 1985 යන වසරවලදීයි. ජනතාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ, මින් දැඩි ව්‍යසනයක් සිදුවිය හැකි නිසයි.

    Latest News