ට්විටර් සිය කාර්යාල වසා දමයි

නොවැ 18, 2022

    ට්විටර් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි සිය කාර්යාල වසා දමා තිබෙනවා.

    සියලු සේවකයින්ට දන්වා ඇත්තේ, ලබන සඳුදා (21) දක්වා කාර්යාල වසා දමනු බවයි.

    මෙම වසා දැමීමට කිසිදු හේතුවක් දන්වා නැහැ. පසුගියදා ට්විටර් සමාගමේ නව හිමිකරු ඊලොන් මස්ක් සඳහන් කර සිටියේ, දිනකට වැඩි පැය ගණනක් සේවය කරන ලෙස හෝ එසේ ‍නැතිනම් සේවයෙන් ඉවත්ව යන ලෙසයි. මෙම නිවේදනයත් සමග බොහෝ දෙනා සේවයෙන් ඉවත්ව යාම ආරම්භ වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, ආයතනය පිළිබඳව සහ ආයතනයේ රහසිගත තොරතුරු සමාජ මාධ්‍යවල හෝ ජනමාධ්‍ය වෙත හෙළි කිරීමෙන් වළකින ලෙසයි.

    twitter.jpg

     

    Latest News