වසර 37 ට පෙර පිපිරුණු ෂටලයක කොටසක් බර්මියුඩා අසළින් හමුවේ

නොවැ 11, 2022

    චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ කොටසක් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

    ෂටලය, මීට වසර 37 කට පෙර අභවකාශ ගත කිරීමට සූදානම් වන අවස්ථාවේ පුපුරා ගියා‍.
    චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය 1986 වසරේ ජනවාරි මස 28 වැනිදා ගුවන් ගත කර සුළුවේලාවකින් පුපුරා ගියේ එහි සිටි අභ්‍යවකාශ ගාමීන් සියලු දෙනා මරණයට පත් කරමින්. එහි, කොටස් ප්‍රදේශය පුරා විසිරී ගිය අතර, විටින් විට කොටස් හමුවුණා. එහි කොටසක් අවසන් වරට හමු වුණේ, 1996 වසරේදී. නමුත්, බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ වාර්තා වැඩසටහනක් පටිගත කරමින් සිටි කිමිදුම්කරුන් පිරිසකට පසුගියදා මුහුදු පතුලේ තිබී කොටසක් හමුවුණා. මෙම කොටස, පිළිබඳ සැක සිතූ ඔවුන්, නාසා ආයතනය අමතා මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගනු ලැබුවා. එහිදී හෙළි වුණේ, ‍චැලෙන්ජර් යානයේ හමු වූ විශාලතම කොටස මෙය බවයි.

    Latest News