ලොව ඉහළම ආර්ථිකයන්ට හිමිකම් කියන බලවත් රටවල් 7 න් සැදුම්ලත් " G7" සමුළුව අද ජපානයේ - හිරෝෂිමා නගරයේ දී ආරම්භ වුණා.

‍‍‍ඉතාලියේ ‍ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

‍හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය මෙන්ම ඇයගේ මව, පැපරාසීන් කණ්ඩායමකගේ ලුහුබැදීමකට මුහුණ පා ඇති බව, වාර්තා වනවා.

කළු මුහුදු හරහා ධාන්‍ය ප්‍රවාහනයට යුක්‍රේනයට අවසර ලබා දෙමින් ඇති කරගත් ගිවිසුම තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට තුර්කිය තීරණය කර තිබෙනවා.

මලාවි රාජ්‍යයේ ෂයර් ගංඟාවේ සිදුවූ බෝට්ටු අනතුරකින් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තවත් 23 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

‍‍නවසීලන්තයේ නේවාසිකාගාරයක ඊයේ මධ්‍යම රාත්‍රි ඇති වූ ගින්නකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා.

තුර්කි ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනාධිපති රෙසප් තායිප් එර්ඩෝගන් පෙරමුණේ පසු වනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඊයේ (13) වතිකානුවේ දී විනාඩි 40 ක පමණ පෞද්ගලික සංකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තුර්*කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හෙට (13) පැවැත්වෙනවා.

නැගෙනහිර යුක්‍රේනයේ බක්මුට් නගර‍යේ බලය යළි අත්පත් කර ගත් බව, යුක්‍රේන බලධාරීන් පවසනවා.

අමෙරිකාවේ ඇල්බර්ටා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන්, අමෙරිකාවේ මෙන්ම, කැනඩාවේ ද ප්‍රදේශ රැසක් දුමාරයෙන් වැසී යමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

අත්අ‍ඩංගුවේ පසු වූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.

ඔස්ට්‍රේලියානු රජය එරට නව ගල්අඟුරු ආකරයක් සඳහා අනුමැතිය පළ කර තිබෙනවා.

අමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ දස දහසකට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේ‍ටෝ සංවිධානයේ සම්බන්ධතා කාර්යාලයක් ජපානයේ විවෘත කිරීමට සූදානම් වනවා.

අමෙරිකාව, යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 1.2 ක නව මිලිටරි ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලොව විශාලතම කෘතිම කොරල්පරය ඩුබායි හි ඉදි කෙරෙමින් පවතිනවා.

අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ නව ගොඩනැගිලිවල ගෑස් උදුන් භාවිතය තහනම් කර තිබෙනවා.

Latest News