යුක්රේනය වන්දි ඉල්ලයි

නොවැ 13, 2022

    යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසි දක්වා ඇත.

    සිය රාත්‍රී දේශනයකදී සෙලෙන්ස්කි කියා සිටියේ රුසියාව යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කළ යුතු බවත්, වන්දි ගෙවීමට සහ යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීමට ඉඩ දිය යුතු බවත්ය.

    ඔහු කියා සිටියේ, එසේ නොමැති ව රුසියාවට තම භූමි ප්‍රදේශයෙන් සෙන්ටිමීටරයක ප්‍රමාණයක්වත් ලබා නොදෙන බවයි.

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ කලාප 14ක සහ කීව් අගනුවර මිලියන 4ක ජනතාවට මේ වන විට විදුලිය නොමැති බව ද සෙලෙන්සිකි කියා සිටියා.

    Latest News