Jakarta - Bandung අධිවේගී දුම්රියක්

නොවැ 17, 2022

    Jakarta-Bandung අධිවේගී දුම්රිය සේවාවේ ප්‍රථම අත්හදා බැලීම සාර්ථක වෙයි.  

    මෙම දුම්රිය මාර්ගය චීන - ඉන්දුනීසියානු සහයෝගිතා  ඉදිකිරීම් ව්‍යාපෘතියකි. චීන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද පරීක්ෂණ දුම්රියක් යොදවා මෙම මාර්ගය ඊයේ(16) සාර්ථක ව පරීක්ෂාවට ලක්කෙරිණ. අත්හදා බැලීම් අදියරේ සාර්ථකත්වය, Jakarta-Bandung අධිවේගී දුම්රිය ව්‍යාපෘතියේ පශ්චාත් ඉදිකිරීම් හා ධාවනය ඇරඹීම සඳහා මනා පදනමක් සපයනු ඇත. 

    Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ සමස්ත දුර  කිලෝමීටර 142.3ක් වන අතර, අපේක්ෂිත උපරිම වේගය පැයකට කිලෝමීටර 350කි.  Jakarta සිට Bandung දක්වා ගමන් කිරීමේ දී දැනට ගතවන පැය 3කට අධික ධාවන කාලය, මෙමගින් විනාඩි 40ක් දක්වා අඩුවීම විශේෂත්වයකි. 

    Latest News