ඇෆ්ගනිස්තානයේ පාලන බලය හිමි තලේබාන්වරුන්, අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු ඝාතනය කර තිබෙනවා.

එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

සඳ මතට රොබෝ ගවේෂණ යානයක් ගොඩබැස්වීමට ලොව ප්‍රථම වරට පෞද්ගලික සමාගමක් ක්‍රියාත්මක කළ මෙහෙයුම අසාර්ථක වී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ වාර්තාගත ඩෙංගු වෛරස ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගොස් ඇත. 

අමෙරිකාවේ, නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට චීනය අබිබවා ලොව වැඩිම ජනගහණයක් සහිත රට බවට පත්වනු ඇතැයි, එක්සත් ජාතින්ගේ සංවිධානය පුරෝකථනය කරනවා.

චීනයේ බෙයිජිං අගනුවර රෝහලක ඇතිවූ ගින්නකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. ‍

සුඩාන රජයේ හමුදාවන් සහ කැරලිකාර කණ්ඩායම් අතර, ගැටුම් තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයට එල්ල වූ රුසියානු ෂෙල් ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බව, එරට බලධාරීන් පවසනවා.

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුම්වලින් රැඳවියන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව, එරට බලධාරින් පවසනවා.

සුඩාන හමුදාව සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.

‍‍අමෙරිකාවේ රහස්‍ය දත්ත ඇතුළත් ලේඛන අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා චීන සංචාරයක නිරත වී සිටිනවා.

අමෙරිකාවේ රහසිගත ලිපි ලේඛන රැසක් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ, ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම බැංකුවේම සේවකයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි, වාර්තා වන්නේ.

ඇල්ප්ස් කඳුකරයේ ඇති වූ හිම කුණාටු තත්වයකින්, පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා. මිය ගිය පිරිස් අතර, සංචාරක මඟ පෙන්වන්නන් දෙදෙනෙකු ද සිටිනවා.

මැදපෙරදිග කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාජ්‍ය ණය අර්බුදය මඟහරවා ගැනීම සඳහා පකිස්තානයට හදිසි විදේශ ණය අවශ්‍ය බව, ලෝක බැංකුව අනතුරු අඟවනවා.

උතුරු කොරියාව දිය යට ක්‍රියාත්මක තවත් න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලා තිබෙනවා.

Latest News