බ්‍රිතාන්‍යයේ පළමු හෙද වර්ජනය

නොවැ 10, 2022

    බ්‍රිතාන්‍ය හෙද සේවය පළමුවරට වැඩ වර්ජනයකට යොමු වී තිබෙනවා. ඒ, ජීවන වියදම ඉහළ යාමත් සමගම සිය වැටුප් ඉහළ නොයාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.

    බ්‍රිතාන්‍ය හෙද සේවයේ ලක්ෂ තුනකට වැඩි පිරිසක් වැඩවර්ජනයට සම්බන්ධ බව වාර්තා වනවා. මෙය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පද්ධතියට දැඩි  බලපෑමක් එල්ල කරන තත්වයක්. කොරෝනා වෛරස ව්‍යාප්ති සමයේ ද තමන් දිවි පරදුවට තබා සේවය කළ බව, හෙදියන් පවසනවා.

    බ්‍රිතාන්‍ය තුළ මේ වන විට වාර්තාගත උද්ධමනයක්  පෙන්නුම් කිරීම නිසා ජනතාව පසු වන්නේ,දැඩි දුෂ්කරතාවකයි. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව සිය වැටුප් වැඩි වීමක් ද සිදු විය යුතු බවයි.

    වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සේවකයන් අතර ඡන්ද විමසීමක් පැවැත් වූ අවස්ථාවේ ඊට බොහෝ දෙනෙකු එකඟතාව පළ කිරීම නිසා වසර අවසානයට පෙර එම ක්‍රියාමාර්ගයට එළඹෙනු ඇති. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙය, වසර 106 ක් පමණ පැරණි බ්‍රිතාන්‍ය හෙද සේවයේ වැඩ වර්ජනයක් කරා යොමුවන පළමු අවස්ථාව බවයි.

    Latest News