යුක්රේනයට ජයක්

නොවැ 12, 2022

    යුක්‍රේනයේ "කර්සෝන් නගරයෙන් රුසියානු හමුදා මුළුමනින්ම ඉවත්වීමත් සමග යුක්‍රේන හමුදා එහි බලය තහවුරු‍ කර ගෙන ඇති බව යුක්‍රේන බලධාරින් පවසනවා.

    රුසියානු බලධාරින් ප්‍රකාශ කළේ, රුසියානු හමුදා සොල්දාදුවන් තිස්දාහක් කර්සෝන් ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවයි. ආයුධ සහ වෙනත් යුද උපකරණ 5000ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර ගත් බවයි, ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

    තම හමුදා භට පිරිස් නීපෝ ගංගාවේ බටහිර ඉවුර දක්වා ඉදිරියට පැමිණ ඇති බව යු‍ක්‍රේන බලධාරින් පවසනවා. පෙබරවාරි මාසයේදී රුසියාව විසින් ආරම්භ කෙරුණු යුක්‍රේන යුද ක්‍රියාන්විතය මගින් රුසියාව විසින් අත්පත් කරගත් එකම ප්‍රාදේශීය අග නුවර වුයේ කර්සෝන් නගරයයි. එම නගරයෙන් පසු බැසීම යුද්ධයේ විශාලතම පසුබෑමක් ලෙස සැලකෙන බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින්ගේ අදහසයි.

    යුක්‍රේන හමුදා කර්සෝන් නගරයට පැමිණිමත් සමග එහි ජීවත්වන වැසියන් ඔවුන් මහත් හරසරින් පිළිගත්තා. කර්සෝන් වැසියන් මෙන්ම යුක්‍රේන හමුදා සමාජිකයින් මෙම ජයග්‍රහණය ප්‍රීතිඝෝෂා නර්තන සහ ගායනා ඔස්සේ සැමරීම විදෙස් මාධ්‍යවල සටහන් වී තිබුණා. කර්සෝන්හි ජනතාව මෙම මොහොත එන තෙක් බලා සිටි  බවත්, කිසිදා යුක්‍රේනය අත නොහරින බවත්, ජනාධිපති සෙලෙන්ස්කී විශේෂ ප්‍රකාශක් නිකුත් කරමින් සඳහන් කළා.

    Latest News