ඉස්තාන්බුල් හි පිපිරීමක් - 06ක් මරුට

නොවැ 14, 2022
    තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මිය ගොස් ඇත. 
    තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
     
    පිපිරීම සිදුව ඇත්තේ තුර්කියේ විශාලතම නගරයවන ඉස්තාන්බුල් හි පිහිටි ඉතා කාර්යබහුල පදික වේදිකාවක් මත දී ය. මිය ගිය සහ තුවාල ලැබූ සියලු දෙනා සාමාන්‍ය වැසියන් බව වාර්තාවේ.
     
    මෙම ප්‍රහාරය කාන්තාවක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස සැක පළවී තිබේ. පිපිරීම සිදුවූ ස්ථානයේ පිහිටි බංකුවක් මත ඇය විනාඩි 40ක් පමණ වාඩිවී සිට ඇති අතර ඉන් ඇය පිටව ගොස් ටික වේලාවකින් පිපිරීම සිදුව ඇත. 
     
    මිය ගිය අය අතර ඇමතිවරයෙකුගේ දියණියක් ද සිටින බව වාර්තා වේ. 
    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 11:54

    Latest News