පස්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ ඊට සමගාමී ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව ඇරඹේ.

ඉන්දියාවෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ  නව කොවිඩ් ආසාදිතයින් 1,216 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුමට යළි සම්බන්ධවීමට රුසියාව සිය එකඟත්වය පළ කර තිබෙනවා.

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අද (03) පස්වරුවේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) එල්ල කළ නමුත් එය පියාසර කිරීමේදී අසාර්ථක වූ බව දකුණු කොරියානු හමුදාව පවසයි.

සරණාගතයින් රැගත් ‍බෝට්ටුවක් ග්‍රීසියේ "එවියා" දූපත අසල වූ මුහුදේ අනතුරකට ලක් වීමෙන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙවසරක යුද්ධය අවසන් කිරීමේ අපේක්‍ෂා‍වෙන් ඉතියෝපියානු රජය සහ එරට ටිග්‍රේ ප්‍රදේශයේ කැරලිකරුවන් සටන් විරාමයකට එළඹ තිබෙනවා.

යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියාව, රුසියාවට සැලකිය යුතු කාල තුවක්කු උණ්ඩ ප්‍රමාණක් සපයන බවට අමෙරිකාව චෝදනා කරනවා.

යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුමට යළි සම්බන්ධවීමට රුසියාව සිය එකඟත්වය පළ කර තිබෙනවා.

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් 84% ක ඡන්ද ගණන් කිරීමත් සමඟ එරට හිටපු නායක බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ දක්ෂිණාංශික කණ්ඩායම ආසන 120 න් 65 ක් දිනා ගැනීමට සමත්ව ඇත.

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පාලම කඩාවැටුණු ස්ථාන‍ය අද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි‍ගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඊශ්‍රායලයේ යළිත් මහ මැතිවරණයක් පැවැත්වෙනවා.

යුක්‍රෙ‍්නයේ කියෙව් අගනුවර මේ වන විට උග්‍ර පානීය ජල හිඟයක් ඇති වී තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් අගනුවර තෙරපීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන බව, එරට අග්‍රාමාත්‍ය හන් ඩක් - සූ පවසනවා. හැලොවින් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන්,  154 දෙනෙකු මිය ගියා. අනතුර සිදුවූයේ, ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ.

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජයග්‍රහනය කර තිබෙනවා. වත්මන් ජනාධිපති ජාර් බොල්සනාරෝ පරාජයට පත් වුණා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 100කට අධිකයි. 'මච්චු' නැමති ගංගාව හරහා ඉදිකර තිබූ ඉපැරණි පදික පාලමක් එලෙස කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශවලට බලපා ඇති දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගංවතුර තත්වයක් හට ගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් අගනුවර, පැවති හැලොවින් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

48 හැවිරිදි Misuzulu Zulu, වසර 50 කට පසු පසුගිය වසරේ මාර්තු මාසයේදී මිය ගිය ඔහුගේ පියා වන Goodwill Zwelithini ගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතය.

Latest News