පෝලන්තයට වැටුණු රුසියානු මිසයිලය

නොවැ 16, 2022

    යුක්‍රේන - රුසියානු අර්බුදය තුන් වන ලෝක සංග්‍රාමයක් බවට පත් විය හැකි බවට බියක්, යුරෝපාකරයේ  පැතිර යමින් පවතිනවා.

    ඒ, නේටෝ සාමාජික රටක් වන පෝලන්තයට එල්ල වුණු මිසයිල ප්‍රහාරය හේතුවෙන්. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව, එරට බලධාරීන් පවසනවා.

    යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ, නැගෙහිර පෝලන්තයේ ඇති ගම්මානයක,  යම් පිපිරීමක් සිදුවී ඇති බවට පෝලන්ත  ප්‍රාදේශීය බලධාරීන් එරට රජයට වාර්තා කර තිබුණා.

    සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගිනි නිවන භටයින් පැවසුවේ, එම පිපිරීමෙන් පුද්ගලයින් ‍දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ සමග පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්‍ෂාව පිළිබඳව හදිසි රැස්වීමක් කැඳවා තිබුණා. ලැබී ඇති බුද්ධි තොරතුරු විශ්ලේෂණයෙන් අනතුරුව එම පිපිරීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බවට පෝලන්ත බලධා රීන් විදෙස් මාධ්‍යට තහවුරු කළා.

    එම ප්‍රාහාරය සැලවීමත් සමග සියලුම නේටෝ සාමාජික රටවල්වල නායකයින් දැනුවත් කර ඇති අතර, සමාජ මාධ්‍ය සහ අනෙකුත් මූලාශයන් සඳහන් කරන්නේ, මෙය රුසියානු මිසයිල ප්‍රහාරයක් බවයි.

    පැතිර යන ප්‍රවෘත්තිවලට ක්‍ෂණිකව  පිළිතුරු දෙමින් රුසියානු ආරක්‍ෂක අංශ පැවසුවේ, පෝලන්ත භූමිය ඉලක්ක කර ගෙන කිසිඳු මිසයිල ප්‍රහාරයක් එල්ල කර නොමැති බවයි. 

    Last modified on බදාදා, 16 නොවැම්බර් 2022 09:55

    Latest News