G-20 සමුළුවේ ප්‍රධාන මාතෘකාව - ලෝක ආහාර සුරක්ෂිතතාව

නොවැ 15, 2022

    ලෝක ආහාර සුරක්ෂිතතාව, ජී - 20 සමු‍ළුවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. ‍ඊයේ එහි ප්‍රධාන මාතෘකාව බවට පත් ව තිබුණේ, අමෙරිකාව සහ චීනය අතර පැවති සාකච්ඡාවයි. සමුළුව ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙනවා.



    ජෝ බයිඩන් ජනාධිපති ධුරයට පත් වූ පසු ප්‍රථම වතාවට චීන ජනාධිපති ෂී ජින් පින් ඊයේ මුහුණට මුහුණ හමුවුණා. එහිදී, චීනය සහ අමෙරිකාව අතර ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව, අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. දෙරට අතර තවත් සීතල යුද්ධයක් ඇති නොවන බවට ඔහු පවසා සිටියා. එසේම, තායිවානය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙස චීන ජනාධිපතිවරයා අනතුරු ඇග වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ‍යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද ඊයේ සමුළුවේ සාකච්ඡාවට බදුන් වුණා. එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා පවසා සිටියේ, රුසියාව සිදු කරන යුද්ධය වහාම නතර කළ යුතු බවයි. රුසියාව, අන්තර් ජාතික වශයෙන් හුදකලා කළ යුතු බව, කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    ආහාර සුරක්ෂිතතාවය, යුක්‍රේන අර්බුදය, මෙවර ජී -20 සමුළුවේ ප්‍රධාන මාතෘකා අතරට ගැනෙනවා. ගෝලීය ආර්ථික කටයුතු, වෙළෙඳ සහ ආරක්‍ෂක ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් පිළිබඳ ද "ජී 20" නායකයන්ගේ අවධානය යොමු වනු ඇති. අමෙරිකාව, චීනය සහ සෙසු ලෝක බලවතුන් දේශගුණික අර්බුදයන් වැලැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්‍ෂා කෙරෙනවා.

    Latest News