ඔස්ට්‍රේලියාවේ නව ගල් අඟුරු ආකරයක්

මැයි 12, 2023

    ඔස්ට්‍රේලියානු රජය එරට නව ගල්අඟුරු ආකරයක් සඳහා අනුමැතිය පළ කර තිබෙනවා.

    එමගින් වසර 5 ක් ඇතුළත ගල් අඟුරු ටොන් මිලියන 2.5 ක ප්‍රමාණයක් අපේක්‍ෂිතයි.

    ඔස්ට්‍රේලියාවේ මධ්‍යම ක්වින්ස්ලන්ඩ් හි, අයිසැක් ගංඟා ගල් අඟුරු ආකරය නිම කිරීමට ඉකුත් වසරේදී යෝජනා කෙරුණා. පාරිසරික අමාත්‍ය ටැන්යා ප්ලිබර්සෙක් ජාතික පාරිසරික නීතිවලට අනුකූලව, මෙහි ඉදිකිරීම් ක්‍රියාවට නැංවීම සඳහා ඊයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

    ඇය සඳහන් කර ඇත්තේ, පාරිසරික නීති මාලාවන් යටතේ රට තුළ මෙතෙක් ක්‍රියාවට නැංවීම අවහිරව තිබුණේ, ගල් අඟුරු යෝජනාවලින් පමණක් බවයි. කෙසේ වුවද, නව පොසිල ඉන්ධන ව්‍යාපෘති ගෝලීය දේශගුණික ආරක්‍ෂණ පද්ධතින් සමග නොගැලපෙන බවට පරිසර විද්‍යාඥයින් නැවත නැවතත් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා. නව ගල් අඟුරු පතල මගින් ‍ලෝහමය හෙවත් "කොකීන්" ගල් අඟුරු නිස්සාරණය කරනු ලබන අතර, එමගින් වානේ සැදීමටයි, සැලසුම් කර ඇත්තේ.

    Latest News