පැය 24ක් තුළ 10,000 කට වැටුණු මාංචු

මැයි 11, 2023

    අමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ දස දහසකට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, අමෙරිකානු ආරක්ෂක අංශ විසින්. පැය 24 ක් තුළ එම පිරිස අත්අඩංගුවට ගැනීම, කැපී පෙ‍නෙනවා.

    දෙරට අතර දේශසීමා අර්බුදය මේ වන විට වඩාත් උග්‍ර වී ඇති බවයි, වාර්තා වන්නේ. 2020 වසරේ දී පළමු වරට සංක්‍රමණික ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලධා‍රීන් තීරණය කළේ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඇතුළු මානුෂීය හේතූන් මතයි.

    එම පරිවාස කාලසීමාව අදින් අවසන් වනවා. ඒ සමග පෙර පැවති සංක්‍රමණිත ප්‍රතිපත්ති යළි බලාත්මක වනවා.

    මේ නිසා, තමන් බරපතල ගැටලු රැසකට මුහුණපානු ඇති බවයි, සංක්‍රමණිකයන් පවසන්නේ.

    තවමත් ඔවුන් දේශසීමාවේ අක්‍රමවත් කඳවුරු බැද ගෙන සිටිනවා. සංක්‍රමණික ප්‍රතිපත්තිය වෙනස් වීමත් සමග අනවසරෙන් අමෙරිකාවට ඇතුළු වීමට උත්සහ කරන තවත්‍ බොහෝ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වනු ඇති.

    Latest News