මලාවි රාජ්‍යයේ හිපපොටේමස් පහරදීමක්

මැයි 17, 2023

    මලාවි රාජ්‍යයේ ෂයර් ගංඟාවේ සිදුවූ බෝට්ටු අනතුරකින් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තවත් 23 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

    අනතුර සිදුව ඇත්තේ බෝට්ටුවට හිපපොටේමස් සත්වයෙකු පහරදීම හේතුවෙන්.

    ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදන්වූවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඉකුත් සඳුදා අනතුර සිදුවී ඇති අතර, මේ වන විට කිසිවෙකු සොයා ගැනීමට හැකි වී නැහැ. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව ශයර් ගංගාව හරහා කුඹුරු වැඩවලට යමින් සිටි පිරිසකගෙන් පිරී තිබූ බවයි වාර්තා වන්නේ. 14 දෙනෙකු පිහිනා දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා. ශයර් ගංගාවේ කිඹුලන් සහ හිපපොටේමස් සත්වයින් බහුලව ගැවසෙනවා. හිපපොටේමස් සත්වයින් ජලයේ සිටියදී ඉතා ප්‍රවේගකාරී වන බවත්, එම සතුන්ගේ පහරදීම්වලට ඇතැම් අවස්ථාවල කිඹුලන් පවා පළා යන බවයි වාර්තා වන්නේ.

    Latest News