තුර්*කියේ බලය කාටද ? 

මැයි 13, 2023

    තුර්*කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හෙට (13) පැවැත්වෙනවා.

    ව්‍යසනකාරී භූමිකම්පාවෙන් මාස 3 කට අඩු කාලයක් තුළ පවත්වනු ලබන මැතිවරණ තුර්*කි ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඉරණම තීරණය කරන බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.  මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමට එරට මිලියන 64 කට අධික ජනතාවක් සුදුසුකම් ලබා සිටිනවා.

    ඉන් මිලියන 6 කට වඩා වැඩි පිරිසක් නව ඡන්ද දායකයින්. භූමිකම්පා ඛේදවාචකයත් සමග දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවටපත්ව ඇති මොහොතකයි, මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. එහිදී, වසර 20 ක පාලනයට හිමිකම් කියන තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩගන්ට අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වනු ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    මේ අතර, විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ, තුර්කියේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ නායක සහ පක්ෂය 6 කින් සමන්විත නේෂන් අලායන්ස් කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂක රෙසෙප් ටායිප් එර්ඩගන් සහ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂක "කෙමාල් කුලුච්තරෝලු" අතර දැඩි තරගයක් පවතින බවයි.

    Latest News