ඉතාලියේ ‍ගංවතුරින් මිය ගිය ගණන ඉහළට

මැයි 19, 2023

    ‍‍‍ඉතාලියේ ‍ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    1000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරනු ලැබ සිටිනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඊයේ හට ගත් ගංවතුර තත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. ගංඟා 20 කට වැඩි සංඛ්‍යාවක් පිටාර ගැලීම, ජල ගැලීම්වලට හේතුවයි. නාය අනතුරු 280 ක් ද වාර්තා වී තිබෙනවා. ගංවතුර දැඩිව බලපා ඇති "රෙවේනා" ප්‍රාන්තයට මේ සියවස තුළ දරුණුතම හානිය සිදුව ඇති බව, ප්‍රාන්ත නගරාධිපතිවරයා ප්‍රකාශ කරනවා. බොහෝ පිරිසකට තම නිවාස සහ දේපල අහිමිව ගොසින්. ස්ථාන රැසක විදුලිය බිඳ වැටීම් සිදුව ඇති අතර, ගමනා ගමන කටයුතු මුළුමනින්ම ඇණ හිට තිබෙනවා. විපතට පත්වූවන්ට සහනාධාර සැපයීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    Latest News