බ්‍රිතාන්‍යයේ ට්‍රක්රථයක මියගිය පුද්ගලයන් 39 දෙනා වියට්නාම ජාතිකයන් බවට තහවුරු කෙරේ

නොවැ 08, 2019

    බ්‍රිතාන්‍යයේ ට්‍රක්රථයක මියගිය පුද්ගලයන් 39 දෙනා වියට්නාම ජාතිකයන් බව වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (7) නිවේදනයක් නික්තු කරමින් ප්‍රකාශ කළේය.

    එම අමාත්‍යංශය සිය වෙබ් අඩිවියේ නිතුක් කළ අදාළ නිවේදනය අනුව පසුගිය 23 වැනි දින බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රා‍න්තයේ සොයාගෙන ඇති සියළු මළ සිරුරු වියට්නාම ජාතිකයන් බවට වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ බ්‍රිතාන්‍ය පොලීසිය තහවුරු ‍කළ ඇත.

    මේ සම්බන්ධයෙන් වියට්නාමයේ අග්‍රාමාත්‍ය නගුයින් සූආන් ෆැක් මහතා රජය වෙනුවෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට කණගාටුව පළ කළ බව වියට්නාම මාධ්‍ය වාර්තාවේ සඳහන් කර තිබේ.

    සිය රටේ අදාළ අමාත්‍යංශ හා පළාත් වල බ්‍රිතාන්‍යය සමඟ සහයෝගතා පවත්වා මියගිය පුද්ගලයන්ගේ දේහය හැකි ඉක්මනින් මව් රටට ගෙන යෑමට හෙතෙම උපදෙස් ලබා දූන්නේය.

    මිනිස් ජාවාරම් හා නීති විරෝධිව සංක්‍රමණික කටයුතු සංවිධානය කිරීම යන අපරාධ ක්‍රියා කෙරෙහි වියට්නාම රජය දැඩි ලෙස හෙළා දකින බව හෙතෙම ප්‍රකාශ කළේය.

    සහයෝගතා ශක්තිමත් කරමින් ඒ වැනි අපරාධ දැඩි ප්‍රහාර කරන ලෙස හෙතෙම ප්‍රාදේශීය හා ලෝකයේ ඒ ඒ රට වලින් ඉල්ලීමක් කර ඇත.

    එම සිද්ධියේ විමර්ෂණය, අධිචෝදනා හා නඩු විභාගය යන කටයුතු හැකි ඉක්මනින් අවසන් කර අපරාධකරුවන්ට දැඩි ලෙස දඬුවම් කරන බව ද වියට්නාම අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Latest News