ජර්මනියේ සනීපාරක්ෂක තුවා බදු ඉවතට

නොවැ 09, 2019

    ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවාවලට පනවා තිබූ බදු ඉවත් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා පැවති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසු ජර්මානු පාර්ලිමේන්තුව මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

    ජර්මනිය තුළ වයින්, සිගරට් සහ සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතමයන් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකූ අතර ඒ මත ඉහළ ඉදු පනවා තිබිණ. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතරින් ඒ බදු පනවන 11 වැනි රට ලෙස සළකා තිබේ. ඒ අනූව, ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට සියලුම සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබූ බද්ද 19%කින් සහ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා 7%කින් බදු අඩු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

     

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 12:25

    Latest News