අනතුරින් 16 දෙනෙකු තුවාල ලැබීය. මෙම දුම්රිය දෙක ඊයේ ගැටී ඇත්තේ, තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේ කචෙගුඩා දුම්රිය ස්ථානයේදී. දුම්රියේ සිටි සිය ගණනක මගීන් අනතුරෙන් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ. සිද්ධියට මුහුණ පෑ එක් දුම්රිය රියදුරෙකු ඉන් ගලවාගෙන ඇත්තේ පැය 08ක දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි. අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ඉන්දීය දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.