චිලී රාජ්‍යයට ජනමත විචාරණයක්

නොවැ 16, 2019

    ජනමත විචාරණයක් පැවැත්වීමට චිලී රජය එකඟතාව පළකර තිබේ.

    ඒ, උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමට එකඟතාව පළ කරමින්. සමාජ ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා දහස් ගණනක චිලි වැසියන් පිරිසක් රජයට එරෙහිව වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටී. උද්ඝෝෂණ අතර වාරයේ ආරක්‍ෂක අංශ හා උද්ඝෝෂකයන් අතර දරුණු ගැටුම් ද හට ගෙන තිබේ. පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ පිරිස දහසකට අධිකයි. විරෝධතාවලට ප්‍රතිචාර ලෙස නව ව්‍යවස්ථාවක් හා සාම ගිවිසුමක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අත්සන් කරනු ලැබුවේ දීර්ඝ සාකච්ජාවලින් අනතුරුවයි. රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ නිසා චිලී රාජ්‍යයේ දැඩි අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබේ.

    Latest News