6 වැනි පරම්පරාවේ සංනිවේදන ජාලය සිය ගුණයකින් වේගවත් - චිත්‍රපටයක් බාගත කිරීමට තත්පරයයි

නොවැ 08, 2019

    චීනය 6 වැනි පරම්පරාවේ සංනිවේදන තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිල වශයෙන් ක්‍රියාත්මක කරයි.

    සය වැනි පරම්පරාවේ සංනිවේදන ජාලය නිර්මාණය කිරීමට තවත් වසර දහයක් අවශ්‍ය වනු ඇතැයි, චීන විදුලි සංදේශ පහසුකම් නිෂ්පාදන සමාගම වන හුවා වේ සමාගමේ නිලධාරී Yu Chengdong මහතා ප්‍රකාශ කළේය.

    6 වැනි පරම්පරාවේ සංනිවේදන ජාලය 5 වැනි පරම්පරාවට වඩා සිය ගුණයකින් වේගවත් වනු ඇති බව, නැන් ජීන්ග් අභ්‍යාවකාශ වි‍ශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා තොරතුරු ඉංජීනේරු විද්‍යාව පිළිබඳ වි‍ශේෂඥ Wu qihui මහතා අනාවැකි පළ කළේය.

    එමගින් චිත්‍රපටයක් බාගත කිරීමට තත්පරයකින් සිදු කිරීමට හැකි වනු ඇති.

    Latest News