ඊශ්‍රායල ප්‍රහාරයෙන් ජිහාඩ් නායක අබු අල්-අටා මරුට

නොවැ 13, 2019

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ජිහාඩ් සන්නද්ධ අංශ නායක බහා අබු අල් - අටා මිය ගොස් තිබේ. පලස්තීනයෙන් එල්ල වන රොකට් ප්‍රහාරයන්ට ඔහු වගකිව යුතු බවයි, ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

    බහා අබු අල්-අටා ඉල්ලාමීය ජාහාඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වෙයි. ඔහු ජීවත්වූ ගාසා තීරයේ පිහිටි තට්ටු 3කින් යුත් නිවෙස ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා ඊයේ මෙහෙයුම් සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ. ඒ අවස්ථාවේ එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් අණදෙන නිලධාරී සහ 42 හැවිරිදි ඔහුගේ බිරිඳ මියගොස් තිබේ.

    නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ. නමුත් බිබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණේ ඔවුන්ගේ දරුවන් 4 දෙනෙක් සහ අසල්වැසියෙකු තුවාල ලබා ඇති බවයි. සිය නායකයාගේ මියයාම වෙනුවෙන් පළිගන්නා බවට ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය අනතුරු අඟවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ අබු අල්-අටා යනු තම රටට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ අයෙක් බවයි.

     

     

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 11:11

    Latest News