ඔස්ට්‍රේලියාවේ ලැව්ගින්නෙන් 83කට බලපෑම්

නොවැ 13, 2019

    ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට ලැව්ගිනි 83කින් බලපෑම් එල්ල වී තිබේ. ජන ජීවිතයට දැඩි බලපෑමක් සිදුව ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. මෙහි එක් ලැව් ගින්නක් හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ ප්‍රදේශයක් පුරා පැතිර යමින් පවතියි.

    නිව් සවුත්වේල්ස් ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණයක් වෙසෙන ප්‍රාන්තයයි. මේ අතර කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ පැතිර යන ලැව්ගිනි 60ක් මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි සමග වඩාත් තීව්‍රර විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

     

     

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 11:11

    Latest News