බ්‍රසීල හිටපු ජනපති ලුයිස්ට නිදහස

නොවැ 09, 2019

    සිරගතව සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ලුලා ද සිල්වා මාස 19කට පසු නිදහස ලබා තිබේ. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ඔහු බන්ධනාගාරගතව සිටියේය.

    බ්‍රසීල වාමාංශික හිටපු ජනාධිපති ලුයිස් ලුලා බන්ධනාගාරයෙන් පිටව ගියේ පක්ෂයේ ආධාරකරුවන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයෙයි. දූෂණ චෝදනා මත ඔහු කුරිටිබා නගරයේ බන්ධනාගාරයක රඳවනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් පසු ඔහු නිදහස ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 12:32

    Latest News