IS හිටපු නායක බග්දාදිගේ පළමු බිරිඳ තුර්කි අත්අඩංගුවට

නොවැ 08, 2019

    සියදිව හානි කරගත් IS ඉස්ලාම් රාජ්‍යයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ පළමු වැනි බිරිඳ, ඇගේ සහෝදරිය සහ මස්සිනා තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම නිවේදනය කර ඇත.

    නමුත්, තුර්කියේ ජ්‍යේෂඨ ආරක්ෂක අංශ නිලධාරියෙකු පවසා සිටියේ තුර්කියේ හටේයි පළාතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුණු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 11 දෙනෙකු අතර මෙම කාන්තාවද සිටි බවයි.

    මෙය සිරියානු දේශසීමාවට ඉතා සමීපව පිහිටි පළාතක් වන අතර, ආරක්ෂක අංශ විසින් එම තැනැත්තිය අස්මා ෆවාසි මුහම්මද් අල්-කුබෙයිසි ලෙස නම් කර තිබේ.

     

    Latest News