සුභ උපන්දිනයක් කිම් - ට්‍රම්ප් උතුරු කොරියාවට සුභපැතුම් එක් කරයි

ජන 11, 2020

    ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ උපන් දිනයට සුභ පැතුම් එක්කරමින් පණිවුඩයක් නිකුත් කොට තිබේ.

    න්‍යෂ්ටිකකරණය පිළිබඳ උතුරු කොරියාව දරන ආකල්ප සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි විරෝධාත්මක මතයක සිටි. මෙම අර්බුදකාරි තත්වයක් විසඳුම් සොයා ගැනිමේ අරමුණින් නායක දෙපල අතර හමුවක් පසුගිය වසරේදි සිදුකෙරිණ.

    ට්‍රම්ප් හා කිම් ජොන් උන් පෞද්ගලික මිතුරන් ලෙසින් ඔහුගේ උපන්දිනයට සුභ පැතීමට ට්‍රම්ප් ක්‍රියා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ අතර, න්‍යෂ්ටිකකරණය වැළැක්වීම පිළිබඳ සාකච්ඡා දෙපාර්ශවය අතර පවැත්විමට සුදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා පලවේ.

    Latest News