2019 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 100 කට ළඟා වේ

ජන 17, 2020

    2019 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 100ට ළඟ වූ අතර පසුගිය කාලසීමාවට වඩා එය 6.1% කින් ඉහළ ‍ගොස් ඇත.

    චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වාටිනාකම චීන යුවාන් බිලියන 99086.5ක් වූ අතර එය පසුගිය කාලසීමාවට වඩා 6.1% වැඩි වී ඇත.

    කාර්තු අනුව සැලකීමේ දී, ප්‍රථම කාර්තුවේ සංඛ්‍යාව පසුගිය කාලසීමාවට වඩා 6.4% වැඩි විය.

    එසේම 2වැනි කාර්තුවේ එම වර්ධන අනුපාතය 6.2% වූ අතර, 3වැනි කාර්තුවේ සහ 4වැනි කාර්තුවේ එය 6.0% ක් වේ.

    Latest News