“තාල්“ ගිනිකන්ද දරුණු පිපිරීමක

ජන 13, 2020

    පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රීය වී තිබේ.

    පැය කිහිපයක් තුළ ගිනිකන්ද දරුණු පිපිරීමකට ලක්විය හැකි බව බලධාරීන් අනතුරු අඟවයි. පිලිපීනයේ මැනිලා අගනුවරට කිලෝ මීටර 70ක් දකුණින් තාල් ගිනිකන්ද පිහිටා තිබේ. ඒ, අද උදෑසන දුම් හා අළු පිට කරමින් සක්‍රීය වීමට පටන් ගත්තේය. ඒ සමඟ ප්‍රදේශය අවට අට දහසක පමණ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කෙරිණ. තාල් ගිනිකන්ද පිලිපීනයේ දෙවන වඩාත් සක්‍රීයම ගිනි කන්දයි. ගිනිකන්ද කේන්ද්‍ර කර ගනිමින් සිදුව ඇති භූ කම්පන ගණන 75ක්. ගිනිකන්ද සක්‍රීයවීම හේතුවෙන් එහි අවදානම් මට්ටම උපරිම මට්ටම වන 5 දක්වා ඉහළ නැංවීමට ද පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබේ.

    Latest News