කොරෝනා ගැන පළමු වරට අනතුර ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා මරුට..ඊයේ දින මරණ 69ක්

පෙබ 07, 2020

    චීනයේ කොරෝනා වෛසරයෙන් මියගිය සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදි මරණ 69ක් වාර්තා විය.

    වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා තිබේ. කොරෝනා වෛරසය පිළිබඳව මුලින් අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා ද වෛරසයට ගොදුරු වීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2,450කට ආසන්න පිරිසක් ඊයේ වාර්තා විය. එය පෙරදිනවලට සාපේක්ෂව අවම අගයක් බවයි, බලධාරින් පවසන්නේ.

    කොරෝනා වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ වෛද්‍යවරයෙකු වූ ලී වෙන්ලියෑන් ද වෛසරය ආසාදනය වීමෙන් ඊයේ මිය ගියේය. වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්වීම ද ඔහුට සිදුවිය. කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇති වූහාන් ප්‍රදේශයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජංගම රෝහල් ද ස්ථාපිත කර තිබේ. වූහාන්හි සිරවී සිටින සතුන් වෙත ආහාර හා ජලය ලබාදීමට සත්ව ක්‍රියාකාරීන් මෙලෙස කටයුතු කරනු දන්නට ලැබිණ.

    Latest News