අමෙරිකාවේ සහය චීනය ප්‍රතික්ෂේප කරයි

පෙබ 04, 2020

    පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති පසුබිමක කොරෝනා වෛරසය පාලනයට අමෙරිකාව ලබාදුන් සහාය චීනය ප්‍රතික්ෂේප කර ඇත.

    මේ අතර, කොරෝනා වෛරසය මර්දනය කිරීමට ජර්මනිය ඇතුළු ජී - හත කණ්ඩායමේ රටවල් සූදානම්ව සිටී.

    මේ අතර චීනයේ වූහාන් නගරයේ සිටි පුරවැසියන් ගුවන් මගින් ගෙන්වා ගැනීමට ප්‍රංශය පියවර ගෙන තිබේ.

    ඕස්ට්‍රේලියාව ද වූහාන් නගරයේ සිටි සිය පුරවැසියන් 270 දෙනෙකු ගුවන් මගින් ගෙන්වාගෙන ඇති අතර, ඔවුන් ක්‍රිස්මස් දූපතේ දින 14ක කාලයක් තැබීමට සැළසුම් කර ඇත.

    Latest News